පාපන්දුවෙන් ලොවක් වසඟ කල අවුරුදු දහනවයේ කොලු ගැටයා

"එම්බාප්පා" කියලා කිව්වාම අද ලංකාවෙ නම නොදන්න කෙනෙක් නම් නැති තරම්..ලෝකයේ අති දක්ෂ ක්‍රීඩකයන් වන ලයනල් මෙසී, ක්‍රිස්‍ටියානෝ රොනාල්ඩෝ, නේමාර් තරඟ කල ලෝක කුසලානය තුල අවසානයේ අප කා අතරත් කතා බහට ලක් වූ ක්‍රීඩකයා වූයේ 2018 ලෝක ශූර පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක  Keliyan Mbappe හෙවත් අපි ආදරයට කියන එම්බාප්පා ය

අද අපි පොඩ්ඩක් හැරිලා බලමු කවුද මේ Mbappe කියන්නෙ කියලා..මේ කොලුගැටයා උපත ලැබුවෙ 1998 වසරේ දෙසැම්බර් මාසෙ 20 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදි..ඒ කැමරුන් ජාතික පියෙකුට සහ ඇල්ජීරියන් ජාතික මවකටය....කුඩා කාලෙ ඉඳන්ම පාපන්දු පරිසරයක හැදී වැඩුන එම්බාපේගෙ කුඩා කල පාපන්දු පුහුණුකරු වූයේ ද ඔහුගේ පියා ය..

එම්බාපෙගෙ පාපන්දු ජීවිතය ආරම්භ වන්නෙ වයස අවුරුදු 6 දීය..ඒ ඔහුගේ පියා පුහුණුකරු ලෙස කටයුතු කරන AS Bondy පාපන්දු සමාජයෙන්ම වීම විශේෂතවයක් වෙනවා..කුඩා කල සිටම ඔහුට වෙනත් ඔහුගේ සම වයසේ ක්‍රීඩකයන්ට සාපේක්ෂව විශේෂ දක්ෂතාවයක් හා සෙසු ක්‍රීඩකයන්ට වඩා වේගයකින් සමන්විත වූ බව ඔහුගේ පියා මෙන්ම AS Bondy ක්‍රීඩා සමාජයේ ඔහුගේ සම පුහුණුකරුවා වූ Antonio Riccardi පවසා සිටියා..වරක් ඔහුගේ පුහුණුකරු පවසා සිටියා අවුරුදු 15ක පාපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කල කාලය තුල ඔහුට හමු වූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා Keliyan Mbappe බව..

එම්බාපේගෙ පාපන්දු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නෙ ඔහු Clairefontaine ක්‍රීඩා ඇකඩමියට බැඳීමත් සමඟය..ඔහු එහිදී  දැක්වූ අති විශිෂ්ට දක්ෂතාවයන් මත ඔහුට ප්‍රංශයේ ක්‍රීඩා සමාජ රැසකින් ඉතා ඉහළ ඉල්ලුමක් ඇති වුනා..ඒ විතරක්ම නෙමෙයි යුරෝපයේ දැවැන්තයන් වන Real Madrid, Chelsea, Liverpool, Manchester City හා Bayern Munich වැනි ක්‍රීඩා සමාජ පවා ඔහුව මිලදී ගැනීමට මාන බලමින් සිටියා..අවසානයේ ඔහු වයස අවුරුදු 16දී ප්‍රංශෙයේ මොනාකෝ (Monaco) ක්‍රීඩා සමාජය හා එක් වෙනවා..ඔහු මොනාකෝ ක්‍රීඩා සමාජයේ තම ප්‍රථම තරඟය ක්‍රීඩා කරනු ලබන්නේ 2015 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින SM Caen ක්‍රීඩා සමාජය හා පැවති තරඟයයි. ඔහු එම තරංගය ක්‍රීඩා කිරීමත් සමඟ මොනාකෝ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කල ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙනවා..එම්බාපේ විසින් මොනාකෝ ක්‍රීඩා සමාජයට තම ප්‍රථම ගෝලය වාර්තා කරනු ලබන්නේ ඔහුට අවුරුදු 17දීය..ඒ Troyes ක්‍රීඩා සමාජයට එරෙහිව ය..එයින් නොනැවතුනු එම්බාපේ මොනාකෝ ක්‍රීඩා සමාජය වෙනුවෙන් තම ප්‍රථම ගෝල හැට්‍රික් එක ලබා ගනු ලබන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි 11 වන දින Metz පාපන්දු කණ්ඩායම සමඟ පැවති තරඟයේදී ය..

 

 

2016/17 ලීග් තරඟාවලිය තුලදී ප්‍රංශයේ Ligue 1 හි තරඟ කල මොනාකෝ (Monaco) කණ්ඩායම Ligue 1 හි ආධිපත්‍යය රඳවා ගෙන සිටින පැරිස් සෙන්ට් ජර්මන් (PSG) කණ්ඩායම දෙවැනි තැනට පත් කරමින් Ligue 1 ශූරතාවය හිමි කර ගනු ලැබූ අවස්ථාවේදී එම්බාපේ විසින් එම ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ලැබුවා..එම ලීග් තරඟාවලිය තුල ඔහු විසින් ගෝල 15 ක් හා Assist 8 ක් ලබා ගෙන තිබූ අතර එම වසරේම චැම්පියන්ස් ලීග් තරඟාවලිය තුල මොනාකෝ කණ්ඩායම සුපිරි දක්ෂතා අතරට පිවිසෙමින් එම තරඟාවලියේ අවසන් පූර්ව තරඟය (Semi Final) දක්වා සුදුසුකම් ලැබූ අතර ඒ දක්වා ආ ගමනේ ජයග්‍රාහී නියමුවෙකු ලෙස කටයුතු කලේ මේ එම්බාපේ ය..එහිදී ඔහු චැම්පියන්ස් ලීග් තරඟාවලිය තුල ගෝල 6ක් ලබා ගන්නා ලදී..එම්බාපේ විසින් 2016/17 ලීගය නිම කරනු ලබන්නේ එම වර්ෂයේදී ඔහු සහභාගී වූ තරඟ 44 තුල ගෝල 26ක් ලබා ගනිමිනි..ඔහුගේ එම දක්ෂතාව මත එම්බාපේ හට 2017 වසරේ බැලන් ඩෝර් (Ballon d'OR) සම්මානය සඳහා නිර්දේශිත නාමයන් අතර පළමු දසදෙනා අතරට ඇතුලත් වීමට හැකියාව ලැබෙනවා..

එයින් නොනැවතුනු එම්බාපේගේ දීප්තිමත් වසරක් එළබෙන්නේ 2017/18 ලීග් තරඟාවලිය ආරම්භ වීමත් සමඟය..ඒ දක්වා මොනාකෝ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරමින් සිටි එම්බාපේ ව ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මන් (PSG) කණ්ඩායමෙන් මිලදී ගනු ලබන්නේ යුරෝ මිලියන 180 ක මුදලකට ය..එම වසරේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස ඔහු දෙවැනි වූයේ සුපිරි ක්‍රීඩක නේමාර්ට පමණි..ඒ අනුව පාපන්දු ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ teenager player හැටියට එම්බාපේ ඉතිහාස ගත වෙනවා..එතැන් පටන් 2017 වසරේ සිට PSG කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල එම්බාපේ හට 2017/18 ලීග් තරඟාවලිය තුලදී ගෝල 13ක් රැස් කර ගැනීමට හැකි වන අතර චැම්පියන්ස් ලීග් තරඟාවලිය තුල ඔහු ගෝල 4ක් රැස් කර ගනු ලබනවා..

එම්බාපෙ විසින් 2016/17 හා 2017/18 ප්‍රංශයේ Ligue 1 තරඟාවලිය තුල දක්ෂතම යොවුන් ක්‍රීඩකයා සම්මානය පිට පිට දෙවතාවක් හිමි කර ගනු ලබන අතර 2017 වර්ෂයේදී අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) මගින් පිරිනමනු ලබන Golden Boy සම්මානයද එම්බාපේ විසින් හිමි කර ගනු ලබනවා..

එම්බාපේ ගැන බොහෝ දෙනා නොදත් කරුණු මෙහෙම කියලා ඉවර කරද්දි මෙතැන ඉඳන් එම්බාපේ ගැන කියන දේවල් නම් අපේ ලෝක කුසලාන පාපන්දු රසිකයන්ට එතරම් නුහුරු දේවල් නොවන බවට අපි හොඳටම දන්නවා..මේ තරුණ කෝඩුකාරයව ලොවක් හඳුන ගන්නෙ 2018 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියත් සමඟ ය..එදා ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේදී  සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම තම මව් රට බලා යාමට සැලැස්වූ ගමනේ ප්‍රධානතම නැංගුරම වූයේ එම්බාපේය..එහිදී ඔහු ලබා ගත් ගෝල 2 සමස්ත පාපන්දු ලෝකයම තැති ගැන්වූයේ ලයනල් මෙසීගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනු විසුනු කර දමමිනි...එතැනින් නොනැනවතුනු එම්බාපේ ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ක්‍රොඒෂියාවට එරෙහිව ගෝලයක් ලබා ගනුයේ සුපිරි බ්‍රසීල ක්‍රීඩක පේලේ ට පසුව ලෝක කුසලාන අවසන් මහා තරඟයකදී ගෝලයක් රැස් කල ලාබාලතම ක්‍රීඩකයා වෙමිනි..අද පාපන්දු ලෝක ශූරතාවය ප්‍රංශය දිනා සිටින අවස්ථාවේදී මෙම කෝඩුකාරයා අනාගතයේදී ලෝකයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරනු ලබයි.



ඔයාලගෙ අදහස් පල්ලෙහා Comments section එකෙන් අපි එක්ක බෙදාගන්න.

 

0 Comments
Latest News
notekoob news
Inspiring Story of Weliweriya Dynamics Football Coach
notekoob news
Colombo FC Striker Fazal was Offered Contract from Renown, Up Country Lions & Kaluthara Blue Star
notekoob news
FFSL President Cup 2020 - Fair Play Team of the Tournament
notekoob news
POLICE Head Coach Mahinda Galagedara Invites Everyone for Free Golakeepers Workshop
notekoob news
Colombo FC vs Red Stars Semi Final - Watch Live Now