Inspiring Story of Weliweriya Dynamics Football Coach

Sri Lankan National Womens Football team player Praveena Perera shared thoughts about his grass root level football coach.

Here we go....

 

මගේ පාපන්දු ජීවිතේ හැරවුම් ලක්ෂය මෙතුමයි????????

•නමින් විරාජ් ප්‍රනාන්දු ...

•වැලිවේරිය ඩයිනමික් ක්‍රීඩා සමාජයේ ප්‍රදාන පුහුණුකරුතුමා

•මුළු වැලිවේරියක් හදුන්වන්නේ පෝල් නමිනි...

•මේ වන විට පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් 4 දෙනෙකු වැලිවේරිය නගරයෙන් බිහි කලේ මෙතුමයි.

සෑම රංගනයකම අගයන්නේ නළුවා සහ නිළිය පමණි. Background දායකත්වය කවුරුත් අගයනවා අඩුයි. අද මෙතුමත් එසේය. කොපමන දක්ෂ ක්‍රිඩක ක්‍රීඩිකාවන් බිහි කලත් මොහුව දන්නේ ටික දෙනෙකු පමනයි.

මම football වලට යොමුවෙන්නෙ 2006 නමුත් කාලයක් යද්දි මම football give up කරනවා. එදා මගේ පුහුණුකරුතුමා වන මොහු මගේ නිවසටම ඇවිත් මටත් බැනලා මගේ අම්මටත් බැනලා යනවා. ඊලග දවසේ practice එන්න කියලා. මං නැවත football play කරන්න ගන්නවා. එදා මෙතුමා මගේ නිවසට ඇවිත් මට බැනලා නොගියනම් අද මං මෙතන නැහැ...

Team එකේ වැඩියෙන්ම බැනුම් අහපු set එකේ මාත් ඉන්නවා. අදටත් මතකයි මට කිව්වා" ප්‍රවීනා තමුන්ට ගහන්න පුලුවන් football එකක් නැහැ ගෙදර ගිහින් අම්මට උයන්න උදව් වෙනවා කියලා" එදා මං ඇඩුවා... ඒත් මගේ ගුරා එක්ක මට පොඩිවත් තරහක් තිබුනෙ නැහැ. මං හැමදාම පුහුනුවීම් ආවා. වෙනදටත් වඩා කැපවීමෙන් practice කලා . නොදන්න දෙයක් තියෙනවනම් මට වඩා දක්ෂ කෙනෙක් ළගට ගිහින් අහගත්තා.

මං මගේ ජීවිතේ දැකපු දක්ෂ නිහතමානී ගුරුවරයෙක්. එදා මට මෙතුමා නොබැන්නනම් අද වෙද්දි ප්‍රවීනා කියලා football player කෙනෙක් නැහැ. දවසක මං තැනකට ආවොත් මුළිම දෙයක් කරනවනම් මං කරන්නෙ මෙතුමා වෙනුවෙන්. හදවතින්ම ආදරෙයි පෝල් සර්

 

Sri Lankan Football player praveena perera

0 Comments
Latest News
notekoob news
Inspiring Story of Weliweriya Dynamics Football Coach
notekoob news
Colombo FC Striker Fazal was Offered Contract from Renown, Up Country Lions & Kaluthara Blue Star
notekoob news
FFSL President Cup 2020 - Fair Play Team of the Tournament
notekoob news
POLICE Head Coach Mahinda Galagedara Invites Everyone for Free Golakeepers Workshop
notekoob news
Colombo FC vs Red Stars Semi Final - Watch Live Now