සුපිරි ඉර බැසයද්දී , රතු තරුව ගිලිහෙද්දී , නිල් තරුව කුසලානයට අත වනයි

නොකර සද්ද ලබා ගත් ජයග්‍රහණ, විජයග්‍රහණයක් කරගමු....

කළුතර Blue Star ක්‍රීඩා සමාජයේ ඓතිහාසික ජයග්‍රාහී කුසලානයේ අපේක්ෂා මහිමය සඳහා තව දින 2යි. !!

ශ්‍රීලාංකීය පාපන්ඳු සැණකෙළියේ ලබා ගත හැකි ඉහළම ගෞරවය වෙනුවෙන් Dialog Champions League 2018/19 සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වී ඇත.

නමුත් කළුතර Blue Star ක්‍රීඩා සමාජයට ශූරයි වීමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය වී ඇති බව කිව යුතුමය.

වසර 14කට පෙර ශූරයින් වූ Blue Star කණ්ඩායමට එදා අවසාන තරඟය පැවතියේ කළුතර Vernon Fenando ක්‍රීඩා පිටියේ Voctory ක්‍රීඩා සමාජයට එරෙහිවය.එම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම ශූරතාවයට හිමිකම් කීමට ප්‍රමාණවත් වූවත් අප ගෝල 2-0 ලෙස ජයග්‍රහණය කර කළුතරට පාපන්ඳු සැණකෙළියක් නිර්මාණය කර දීමට සමත් විය.

වසර 14කට පසුව ඉතිහාසය නැවත ලියවීමට සඳහා වපසරය නිර්මාණය වෙමින් පවතී. මෙවරද අපට අවශ්‍ය ජය පරාජයකින් තොරව අවසන් කරගත යුතු තරඟයකි.

සිදු විය යුතු දෑ සිදුවෙමින් පවතී. තීරණාත්මත මාතර සහ නවිකයන් අතර තරඟයෙන් නාවිකයින් හට ලැබුණු දඩුවම් පහර අසාර්ථක කරවමින් මාතර ලැබූ ජයග්‍රහණය සිදු විය යුතුව තිබූ අත්‍යවශ්‍ය සාධකය සිදුවී හමාරය.

ගියවර ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී අපට හිමි වූයේ 13වන ස්ථානය බව ඔබට මතකද? FA කුසලානයෙන් වේලාසනම ඉවත් වීමට වුනු බව ඔබට මතකද? නමුත් ඉතිහාසය අකාමකා අනාගතය සඳහා සැළසුම් නිර්මාණය කළ අපේ කණ්ඩායම මේ නිශ්චිත මොහොතේ තරඟාවලියේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 බව විශ්වාස කළ හැකිද???

ඔව් .. ඒ තමයි මචං ලා කළුතර Blue Star කියන්නේ... කාටවත් වට්ටන්න බෑ.... වැටෙන්න දෙන්නෙත් නෑ.... කව්ද??? මතක තියාගනිල්ලා අපි තමයි විශාලතම fan base එකක් තියෙන කණ්ඩායම. කළුතර විතරක් නෙමෙයි, මග්ගොන, බේරුවල, අළුත්ගම, අටුළුගම, පානදුර හතර වටේම fans ලා අපිත් එක්ක ඉන්නවා. උඹලා තමයි අපේ කණ්ඩායමේ ශක්තිය. ..උඹල කඩ වහලා, වැඩ දාල, ඇදල පැදලා මැච් බලන්න ආපු සුන්දර අතීතයක් වගේම වර්තමානයක් තියෙනවා. Blue Star Fans ඔබට ස්තූතියි

තව දෙයක්, විනය තමයි අංක එක. ගමේ අභිමානයත්, කණ්ඩායමේ ගෞරවයත් ගැන අපි නිරන්තරයෙන්ම අවධානයෙන් ඉමු. කියන්න දෙයක් නෑ එදාට පෙරහැරක් තමයි කළුතර ඉඳළා කොළඹට යනකල්. මාර්ග නීති අකුරට පිළි පදිමු. මතින් තොර තරඟයක් උණුසුම විඳ ගමු. ජය පරාජය සාමකාමීව සමරමු.

මෙකද, අපිට නැති වෙන්න දෙයක් තිබුණේ නෑ.උඹලා දන්නවද අපේ team එකේ සමහර players ලා contract නැතුව ගහන්නේ. අනිත් කණ්ඩායම් ඉල්ලනවා හැබැයි යන්නේ නෑ, ඒක තමයි Blue Star ගැම්ම. අපිට ලොකුවට සල්ලි තිබුණේ නෑ. දන්නවනේ සීන් ගොඩක් ගියා, ප්‍රශ්ණ නැත්තේ කාටද??? හැබැයි ඒවා Ground එකට ගෙනාවේ නෑ.... අපේ foreign players ලා ටික, අපරාදෙ කියන්න බෑ, දුන්නොත් කන්නම් කාල දුවන්නම් type එකේ සෙට් එකක්. ලොකු ශක්තියක්.

හරි, එහෙනම් අපි ලෑස්ති වෙමු. කොඩි මහමු .. වාහන හෝදල කරලා ලෑස්ති කරගමු. අපේ බේරුවල අළුත්ගම සහෝදරවරු සෙට් එක, මචං උඹලා අපි ඔක්කෝම එකම පංතියේ මිනිස්සූ... වරෙල්ලා අපිත් එක්ක සෙට් වෙලා කොළඹ යන්න......වාංගෝ මචාන් පෝම්....

ආහ් ... අපේ විදේශගත යාළුවෝ ටික... Very bad කියන්නත් සෑඩ් මේ පාර මිස් වෙනවා... සමහර අය එනවලූ. පරිස්සමින් වරෙල්ලා මචංලා....

 

 

Author
Jiffrey Foogue

0 Comments
Latest News
notekoob news
Official: FFSL President Cup 2020 Starting on July End
notekoob news
Rumours Evolve that FFSL is going to Introduce President's Cup with 20 Teams
notekoob news
The National Men’s Football Team to Commence Training on 22nd June 2020 + PLAYERS LIST
notekoob news
Football returns after Covid-19 Stoppage in Sri Lanka
notekoob news
Sri Lanka National Team Practices to resume on 22 June
notekoob news
2020 ජුනි 22දා සිට ජාතික කණ්ඩායම (පිරිමි) පුහුණුවආරම්භ කිරීම
notekoob news
Foogue Proudly Presenting SRI LANKAN FREESTYLE SHOW on Youtube
notekoob news
Sri Lanka Football Federation Distributing Rs 300,000 for Champions League Clubs Rs 150,000 for Division 1 Clubs and more
notekoob news
Former Sri Lanka skipper Sanath Jayasuriya donated safety equipments
notekoob news
PSJASL donates personal protective Equipment’s (PPE) to the frontline Media Personals Colombo Districts News Correspondents and Photographers