ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ මහින්ද ගලගෙදර මහතා එහි කටයුතුවලින් නිදහස් කර පොලිස් ක්රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතිය ලැබී තිබේ.
ජාතික පාපන්දු කණ්ඩායම් පුහුණුකරු තනතුරු දරන්නන්ට ක්රීඩා සමාජවල (පෞද්ගලික) පුහුණුකරුවන් ලෙස කටයුතු කළ නොහැකි බැවින් ඔහුගේ ඉල්ලිමක් සලකා බලමින් මෙම තීරණය ගෙන තිබේ. ගලගෙදර මහතා පුහුණුකරු ධුරය දැරූ පොලිස් ක්රීඩා සමාජය අවසන් වරට පැවති එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ (2019) ශූරතාව දිනාගත්තේය.
Article Courtesy - Lankadeepa