Mesut Ozilට හිමි වූ වර්ගවාදීන්ගේ RED කාඩ්පත

 

Mesut Ozil කියන නම ඕනෑම පාපන්දු රසිකයෙක්ට හුරු පුරුදු නමක්. මොකද Ozil කියන්නෙ ලෝකෙ ඉන්න අති දක්ෂම Midfielder කෙනෙක්. ඒත් මේ අතිදක්ෂයාට මේ ගෙවී යන කාලය නම් එච්චර හොද කාලයක් නම් වෙලා නෑ. ඒ මොකද කිව්වොත් තමුන් ක්‍රීඩා කරන රටෙන්ම ඔහුට එල්ලවෙන දැඩි පීඩනය නිසා ඔහු ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙන්න තීරණය කරල තියනවා.

Ozil ක්‍රීඩා කරන්නේ ජර්මානු ජාතික කණ්ඩායම වෙනුවෙන්. ඇත්තටම ජර්මානු කණ්ඩායමේ බලසැපයුම වෙන Midfield එකේ Toni Kroos එක්ක මුලු කණ්ඩායමම තරගය පුරාම ඇදගෙන යන්නෙ Ozil. ඉතින් ඒ නිසා Ozil කියන්නේ ජර්මානු කණ්ඩායමට නැතූවම බැරි ක්‍රීඩකයෙක්. නමුත් 2018 ලෝක කුසලාන තරගාවලියේ ජර්මනිය මූලික වටයෙන්ම ඉවත් උන එකත් එක්ක මේ දක්ෂයාගේ ඉරණම වෙනස් වෙන්න පටන් ගත්තා.

ඒකට මූලිකම හේතුව උනේ Mesut Ozilගේ මව සහ පියා තුර්කි ජාතිකයන් උන එක. ඔහුගේ දෙමව්පියන් තුර්කියෙන් ඇවිත් ජර්මනියේ පදිංචි වූ අය. ඉතින් ලෝක කුසලානයට කලින් Ozilට තුර්කි ජනාධිපති Recep Tayyip Erdoganව මුන ගැහෙනවා ලන්ඩනවලදී. ඒ පුණ්‍යාධාර වැඩසටහනකට සහභාගී වෙනකොට. ඉතින් එතනදී Ozil හා තුර්කි ජනාධිපතිවරයා එක්ව ගත් ඡායාරූපයක් ජර්මානු මාධ්‍ය ඔස්සේ දැඩිලෙස විවේචනය වෙන්න පටන් ගත්තා. මේ විවේචන ඔක්කොම ජර්මනිය ලෝක කුසලානයෙන් ඉවත් වුන එකත් එක්ක කව්රුත් නොසිතූ විදියට වැඩි උනා. 

ජර්මානු මාධ්‍ය ජර්මනියේ පරාජයට හේතුව Ozil බව කියමින් වගේම ඔහුගේ තුර්කි ජාතිකත්වයට සෘජුවම පහර දෙමින් ඔහුට විරුද්ධව විශාල ප්‍රචාරයක් රැගෙන යන්න පටන් ගත්තා. ඉතින් මේ දේවල් එක්ක Ozilට තවදුරටත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න තරම් මානසිකත්වයක් තිබුනේ නෑ. ඔහු අවසානයේ තීරණය කලා ජාත්‍යන්තර පාපන්දු පිටියට සමු දෙන්න. 

 

Ozil තම twitter ගිණුම හරහා වචන 2320ක ප්‍රකාශනයක් මේ ඉවත්වීම ගැන හේතු කියමින් නිකුත් කලා. එහිදී ඔහු පවසනවා " මම ඉපදුනේ ජර්මනියේ . මම ඉගෙන ගත්තේ ජර්මනියේ . මම බදු ගෙවන්නෙ ජර්මනියට. මම ආධාර කරන්නෙ ජරිමනියට. ඒත් මම ක්‍රීඩාවෙන් අසාර්ථක වෙනකොට මම ජර්මනියෙ නෙමෙයිද? ඔවුන් මම සාර්ථක වෙද්දි ඔහු ජර්මානු ජාතිකයෙක් කියනව. එත් කණ්ඩායම පරදිනකොට මම තුර්කි ජාතිකයෙක්?. " "ඔවුන් මගෙ දක්ෂතා ගැනවත් කණ්ඩායමේ දක්ෂතා ගැනවත් නෙමේ චෝදනා කරන්නෙ මම තුර්කි ජාතිකයෙක් වීම ගැන. ඔවුන් මම තුර්කි ජනාධිපති සමගින් ඉන්න පින්තූර ප්‍රචාරය කරමින් මෙහෙම කරන්නෙ ඇයි කියල මට හිතාගන්න්වත් බෑ"

අවසානයේ සුන්දර පාපන්දු ක්‍රීඩාවට අසුන්දර වර්ගවාදයයි දේශපාලනයයි එකතු උන එකෙන් අහින්සක ක්‍රීඩකයෙක්ගේ ඉරණම හරි අසාධාරණ විදියට විසදුනා. Ozil 2014 පාපන්දු ලෝක කුසලානය ජයගත් ජර්මානු කණ්ඩායමේ ගොඩක් ලොකු කාර්යයක් කරපු කෙනෙක්. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක්ටවත් හරියට සලකන එක ජර්මනියේ යුතුකම. මේ සිදුවීමත් එක්කම ලෝකෙ හැම පැත්තකින්ම ජරිමානු පාපන්දු සංගමයට විරුද්ධව දැඩි විවේචන එල්ල වෙනවා. ඒ Ozil ට සිදුවුන අසාධාරණය නිසා. 

 

 

මේ ප්‍රශ්නය Ozil ට ව්තරක් නෙමෙයි හුගක් ක්‍රීඩකයන්ට තියනව. බෙල්ජියමේ Romelu Lukaku පවසනනේ ඔහු හොදින් ක්‍රීඩා කරනකොට ඔහුට හැමෝම ඔහු බෙල්ජියමේ Lukaku කියල කතා කරනව කියල, ඒත් ඔහු අසාර්ථක වෙනකොට ඔහුව කොංගෝ සම්භවයක් සහිත lukaku කියල විවේචනය කරනව කියලයි. ඉතින් මේ වර්ගවාදී ප්‍රශ්නය ලෝකයේ හුගක් දේවල් විනාශ කරනවා. නමුත් පාපන්දු කියන්නෙ කිසිදු වර්ගවාදීත්වයක් අවශ්‍ය නැති තැනක්. 2018 ලෝක කුසලානය ජයගත් ප්‍රංශය කියන්නේ හුගක් ප්‍රංශ සම්භවයක් නැති ක්‍රීඩකයෝ ඉදපු කණ්ඩායමක් . නමුත් ඔවුන් එකට ඉදල ප්‍රංශය ජයග්‍රහණයට අරන් ගියා. ඔවුන්ගේ මනසේ තිබ්බෙ අපි හැමෝම ප්‍රංශ ජාතිකයන් කියන දේ. 

 

 

මේ වර්ගවාදය පාපන්දු ලෝකයේ ලොකු පිළිලයක් වෙලා. මේ දේවල් පාපන්දු වලින් ඉවත්වීම අත්‍යාවශ්‍යයි.ඉතින් Ozilට උන දේ හෙට තවත් ක්‍රීඩකයෙක්ට නොවෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.. #SayNoToRacism

 

 

 

ඔයාලගෙ අදහස් පල්ලෙහා Comments section එකෙන් අපි එක්ක බෙදාගන්න.

0 Comments
Latest News
notekoob news
Official: FFSL President Cup 2020 Starting on July End
notekoob news
Rumours Evolve that FFSL is going to Introduce President's Cup with 20 Teams
notekoob news
The National Men’s Football Team to Commence Training on 22nd June 2020 + PLAYERS LIST
notekoob news
Football returns after Covid-19 Stoppage in Sri Lanka
notekoob news
Sri Lanka National Team Practices to resume on 22 June
notekoob news
2020 ජුනි 22දා සිට ජාතික කණ්ඩායම (පිරිමි) පුහුණුවආරම්භ කිරීම
notekoob news
Foogue Proudly Presenting SRI LANKAN FREESTYLE SHOW on Youtube
notekoob news
Sri Lanka Football Federation Distributing Rs 300,000 for Champions League Clubs Rs 150,000 for Division 1 Clubs and more
notekoob news
Former Sri Lanka skipper Sanath Jayasuriya donated safety equipments
notekoob news
PSJASL donates personal protective Equipment’s (PPE) to the frontline Media Personals Colombo Districts News Correspondents and Photographers