ජ'පුර පාපන්දුවෙන් වැඩ පෙන්වයි - Sri Jayawardenapura University Becomes the Champion of FA CUP 2018 - University League

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ(FA CUP 2018 - Sri Lankan Universities League) පාපන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට පසුගිය දා හැකි විය. ඒ මොරටුව විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී 7 - 6 ක් ලෙස පෙනල්ටි පහරවල් මගින් ජය ගැනීම මගිනි..

නොබෝදා වැල්ලවත්ත Cooray Park ක්‍රීඩාංගණයයේදි පැවති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායම හා මොරටුව විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායම අතර පැවති අවසාන මහා තරඟයේදී කණ්ඩායම් දෙකම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කල අතර තරඟයේ දෙවන මිනිත්තුවේදී ජපුර කණ්ඩායමේ ක්‍රීඩක මහේෂ් ඒකනායක විසින් එල්ල කරන ලද නිදහස් පහරක් මොරා කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක එම්.පණ්ඩිතගේ විසින් සාර්ථකව රැක ගත් අතර තරඟයේ මුල් භාගයේදී ජපුර කණ්ඩායමේ ඉදිරිපෙළ දුර්වල පන්දු පාලනය හමුවේ පහසුවෙන් ලබා ගත හැකි ගෝල කිහිපයක්ම අතපසු විය.

නමුත් ජපුර කණ්ඩායමේ තරඟයේ මුල් භාගයේ සිටම දියත් කල ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ මොරා කණ්ඩායම තරමක් උපායශීලී ක්‍රීඩා විලාශයක් දියත් කල අතර මොරා කණ්ඩායම දිගු බෝල හුවමාරු කිරීම් සඳහා වැඩි වශයෙන් යොමු වනු දැකගත හැකි විය. කෙසේ වෙතත් දෙපිලේම දැල් රකින ක්‍රීඩකයන් දෙදෙනා දක්ෂ ලෙස තම රාජකාරිය ඉටු කරනු ලැබීය..

මොරා කණ්ඩායමේ මැද පෙල ක්‍රීඩක අයි.රෝව්‍රි (I.Rawry) විසින් කණ්ඩායමේ මැද පෙල පන්දු පාලනය මනාව පාලනයකින් යුතුව පවත්වාගෙන ගිය අතර තරඟයේ දසවන මිනිත්තුවේදී ඔහු විසින් ජේ.අජන්තසිංගම් හට ලබා දුන් අලංකාරවත් පන්දුවට ඔහු එල්ල කල පහර ඉතා දක්ෂ ලෙස ජපුර කණ්ඩායමේ දැල් රකින් ක්‍රීඩකයා විසින් රැක ගන්නා ලදී.

ජපුර කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩා විලාශය හමුවේ පන්දු පාලනය ඉතා දුර්වලව පවත්වා ගෙන ගිය මොරා කණ්ඩායමට යම් ජීවයක් ලබා දුන්නේ ඔවුන් විසින් දියත් කල ප්‍රති ආක්‍රමණශීලී (Counter Attacking) ක්‍රීඩා විලාශයයි.

තරඟයේ 21 වන මිනිත්ත්වේදී ජපුර කණ්ඩායමේ ක්‍රීඩක එම්.අනාස් විසින් ගෝලයක් ලබා ගත් අතර ඒ ඇසුරෙන් ජපුර කණ්ඩායම එක් ගෝලයක් ඉදිරියෙන් පසු විය. ඉන් අනතුරුව තරඟයේ 38 වන මිනිත්තුවේදී මොරා කණ්ඩායමේ අජන්තසිංගම් ලබා ගත් ගෝලය මගින් දෙපිලේම ලකුණු තත්ත්වය සම කිරීමට සමත් වූ අතර එමගින් තරඟාය තව තවත් උණුසුම් විය...

විවේක කාලයෙන් පසුව තරඟයේ දෙවන භාගයේදි ජපුර ක්‍රීඩකයන්ගෙන් පෙර දැකපු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවෙන් මිදී යම් මන්දගාමී ක්‍රීඩා රටාවක් දියත් කල අතර ඒ ඇසුරින් මනා ප්‍රයෝජන ලබා ගත් මොරා ක්‍රීඩකයන් තරඟයේ 47 වන මිනිත්තුවේදි ඔවුන්ගේ දෙවන ගෝලය ලබා ගැනීමට සමත් විය..එම ගෝලය ලබා ගනු ලැබුවේ ටී.අනස්රාජ් විසිනි. තරඟයේ 60වන මිනිත්තුව දක්වා තරඟයේ අණසක පතුරා සිටි මොරා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිඳ වැටෙන්නේ මොරා කණ්ඩායමේ එන්.ගමගේ විසින් ඔවුන්ගේ ගෝලයටම එල්ල කල පහර මගින් ය. ඒ ඇසුරින් ජපුර කණ්ඩායමට තව ගෝලයක් හිමි වූ අතර එය ජපුර කණ්ඩායමට මනා ජවයක් විය..

අවසානයේ තරඟයේ කාලය නිම වන්නේ දෙපිලටම ගෝල 2 බැගින් හිමි වෙමිනි. ඒ අනුව අවසානයේ ජයග්‍රාකයා තෝරා ගැනීම සඳහා දඩුවම් පහර සඳහා යොමු වූ අතර දෙපිලටම එම දඩුවම් පහර 5 මගින් සාර්ථක කර ගැනීමට හැකි වූයේ අවස්ථා 4ක් පමණි. ඉන් අනතුරුව අවසානයේදී  ජපුර කණ්ඩායම පෙනල්ටි පහර 7 ට 6 ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නා ලද අතර ඒ ඇසුරෙන් ජපුර කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ පාපන්දු ශූරතාවය හිමි කර ගන්නා ලදී..

තරඟය පුරාවටම කහ කාඩ්පත් 3ක් ලබා දී තිබූ අතර ජපුර කණ්ඩායමේ එස්.චාලස් හා ඩී.වීරසිංහ මෙන්ම මොරටු කණ්ඩායමේ අයි.රෝව්රි මෙසේ කහ කාඩ් පත් ලබා ගන්නා ලදී. මෙම තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ මොරටු විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ එම්.පණ්ඩිතගේ විසිනි..

1 Comments
S
Shenal
July 23rd, 2018
Thank you !!❤
Latest News
notekoob news
Official: FFSL President Cup 2020 Starting on July End
notekoob news
Rumours Evolve that FFSL is going to Introduce President's Cup with 20 Teams
notekoob news
The National Men’s Football Team to Commence Training on 22nd June 2020 + PLAYERS LIST
notekoob news
Football returns after Covid-19 Stoppage in Sri Lanka
notekoob news
Sri Lanka National Team Practices to resume on 22 June
notekoob news
2020 ජුනි 22දා සිට ජාතික කණ්ඩායම (පිරිමි) පුහුණුවආරම්භ කිරීම
notekoob news
Foogue Proudly Presenting SRI LANKAN FREESTYLE SHOW on Youtube
notekoob news
Sri Lanka Football Federation Distributing Rs 300,000 for Champions League Clubs Rs 150,000 for Division 1 Clubs and more
notekoob news
Former Sri Lanka skipper Sanath Jayasuriya donated safety equipments
notekoob news
PSJASL donates personal protective Equipment’s (PPE) to the frontline Media Personals Colombo Districts News Correspondents and Photographers