තරඟ දෙකයි, කොල්ලෝ වසයි, Blue Star ජය නියතයි!

එදා කළුතර මුස්ලිම් මහා විද්‍යාලයේ පාපන්ඳු කණ්ඩායමක් නිසා තමයි Blue Star ක්‍රීඩා සමාජයේ උපත කිව්වොත් වැරදි නැහැ. එදා ඉදලා Blue Star කණ්ඩායම කළුතර ලීග් ගහලා, බ්‍රිස්ටල් ලීග් ගහලා, ප්‍රීමියර් ලීග් Division 1 ගහලා, FA Cup ගහලා, ප්‍රීමියර් ලීග් ගහලා ජයග්‍රහණයන් රාශියක් හිමිකරගෙන තියෙනවා.

ඒකාලේ දැන් වගේ නෙමෙයි. කුඩම්මගේ සැලකිළි. කොළඹට කිරි ගමට කැකිරි. අපේ සෙට් එක ගුටි නොකා මැච් දිනලා ආපු වාර ගණන හරිම අඩුයි. 90 දශකය වෙන කොට කළුතර Blue Star කියන්නේ මේ රටේ තවත් පාපන්ඳු ක්‍රීඩා සමාජයක් පමණක් නොව විශාලතම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ කණ්ඩායමක් බවට පත් වුනේ ගමේ කොල්ලෝ ටිකක් හැමදාම මැච් වලට ගිහිල්ලා දිනලා ගුටිකාලා, ආයෙත් ඊළඟ මැච් එකට ගම වෙනුවෙන් සෙල්ලම් කරන්න තරම් උන්ගේ තිබුණ අප්‍රහතිහත ධෛර්‍යය නිසා වෙන්න ඇති.

අනික Blue Star ටීම් එකට අනික් කණ්ඩායම් වලට වගේ ලොකු ගාණක් දීලා ගෙන්න ගත්තු Coaches ලා නෑ....

උඹලාගේ ෆුට්බෝල් වෙනමම කළාවක්. උඹලා ගහන්නේ උඹලගේ වටේ ඉන්න supporters ලාගේ ගැම්මෙන්. උඹලට නැති වෙන්න දෙයක් නෑ. උඹලා ට තියෙන්නේ ඉකම ඉලක්කයයි, supporters ලා හැටියට අපිට තියෙන්නේ එකම පැතුමයි. ඒ අවුරුදු 14කර ඉස්සර උඹලගේ අයියලා ගහල කළුතරට ගෙනාපු, කප් එක ආයෙත් කළුතරටම ගෙන්නල දෙන එක. උඹලා හින්ද ගුටි කාපු, ඇඟේ ලේ වතුර වෙනකල් කෑ ගහපු, උඹලගේ හයිය වුණ supporters ලා නිසා උඹලට තියෙනවා වඟකීමක් ඒකට සාධාරණය ඉටුකරන්න.

උඹලට තියෙන්නේ තව තරඟ 2යි. අමාරුම හරිය අපි පහුකරලා ඉවරයි. උඹලා ලොකු කැපවීමක් කරා මේ season එකේ.

අපෙනුත් වැරදි වුණා.. RED Star මැච් එක කළුතර විනාඩි 90ම ගැහුවනම් අපි 4ක් කන්නේ නෑ. උඹලා අපි නිසා 4 කෑවා. අපිට සමාවෙයල්ලා... අපි ground එකට පැනලා කෑ ගහලා උඹලව බදා ගන්නේ අපිට අපේ ඇස් ඉස්සරහා උඹලා පරදිනව බලන්න හයියක් නැති නිසා.

"ජයග්‍රහණයට පියවරු බොහෝය.. පරාජය අවජාතකය" කියලා කියමනක් තියෙනවා. උඹලත් ඒකේ ප්‍රතිඵල භුක්ති වින්දා... හැබැයි උඹලා පරදින කොට උඹලට බැනපු මිනිස්සුන්ට වඩා මැච් හිටු කියලා කනකොට "Win or loose we are blue star" කියලා FB එකේ උඹලත් එක්ක හිටපු මිනිස්සු වැඩී මචංලා....

උඹලා සල්ලී වලට ගැහුවේ නෑ. උඹලට සල්ලී ලොකු නෑ. උඹලා පඩි වැඩිකරපියව් කියලා මැච් වර්ජනය කළේ නෑ...උඹලා කණ්ඩායමට ආදරෙයි. කණ්ඩායම වටා ඉන්න මිනිස්සුන්ට ආදරෙයි.ඒ නිසා උන්ගේ ආශීර්වාදය උඹලාට තියෙනවා.  උඹලා කප් එක ගහනවා කියලා අපිට විශ්වාසයි....

දැන් ටීම් එකේ ඉන්න කොල්ලෝ සෙට් එක ගැන මට ගොඩක් දන්නේ නෑ... හැබැයි දන්න දෙතුන් දෙනා ගැන මෙහෙම ලියන්න හිතුණා....අළුත් පොඩි එවුන් ටික තරහ වෙන්න එපා....????????

මංජු මට උඹ ගැන හරි ආඩම්බරයි අයියේ....උඹ තමයි අපේ ගෝලයේ මුරකරු. උඹ තමයි අපේ team එකේ ප්‍රධානතම තුරුම්පුව. අපේ එවුන් දිනපු හැම මැච් එකකදිම, අපේ එවුන් Draw කරපු හැම මැච් එකකදිම උඹ උබේ උපරිමය කණ්ඩායමට දුන්නා. උඹට ස්තූතියි අයියා.... ඉතුරු ටිකත් ඇඳලා දීපන් මංජු අයියා....

අනිත් තුරුම්පුව තමයි අපේ ඉර්ෆාන් අයියා..... අහිංසකයා... අර ඉස්සර කියපු ගුටිකාපු දවස් වල ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ ඉර්ෆාන් අයියා.... දුක් විඳලා කොහොම හරි තාම ටීම් එක එකට තියාගෙන ඉන්නවා. I කප් එක උඹේ අතින් උඩට උස්සනවා බලන්න අපිට ඕනා ඉර්ෆානී.....

රංග අයියා... උඹ මගේ ආසම player කෙනෙක්. ගොඩක් වෙලාවට මැච් වල වැඩිම බරක් ගන්නේ උඹ තමයි අයියේ. කෑගහලා කොල්ලන්ගේ මොරාල් එක නග්ගලා ගන්නවා. දන්නවා අයියේ උඹලට ලොකු ලොකු Club වලින් Offers ආවා කියලා. නමුත් අපිව දාල ගියේ නෑ .... ආදරෙයි රංග අයියා.....

ළහිරු මල්ලී, උඹව අමතක නෑ බ්‍රෝ..... උඹ අපේ Club එකට ආපු සුපිරි player කෙනෙක්. Ground එක මැද දී උඹ නායකයෙක් වගේ තමයි. හැම වෙලාවෙම කණ්ඩායම් හැඟීම කියන එක උපරිමයෙන්ම පෙන්නුවා මල්ලී... උඹ Holly Cross College එකෙන් Blue Star ගහන එකම නියෝජනය උඹයි මල්ලී.... ආඩම්බරයි.

Blue Star එකේ ඉන්න හැම player කෙනෙක්ම අපේ වීරයෝ. උඹලා සෙට් එකම අපේ වීරයෝ... උඹලට පණ ඇරල ගුටි කන්න උනත් ලෑස්ති පිට උඹලගේ පිටි පස්සේ තව සෙට් එකක් ඉන්නවා කියන එක හැම වෙලේම ඔළුවේ තියා ගනිල්ලා මචංලා....

අවුරුදු 14කට පස්සේ ආයෙත් කළුතර අභිමානය රටටම පෙන්නලා කළුතර Blue Star කියන්නේ කව්ද කියන එක අපි රටටම පෙන්නමු මචංලා....

ජය......❤️



Author
(මම උඹලට ආදරය කරන උඹලගේම එකෙක්)
 

0 Comments
Latest News
notekoob news
Official: FFSL President Cup 2020 Starting on July End
notekoob news
Rumours Evolve that FFSL is going to Introduce President's Cup with 20 Teams
notekoob news
The National Men’s Football Team to Commence Training on 22nd June 2020 + PLAYERS LIST
notekoob news
Football returns after Covid-19 Stoppage in Sri Lanka
notekoob news
Sri Lanka National Team Practices to resume on 22 June
notekoob news
2020 ජුනි 22දා සිට ජාතික කණ්ඩායම (පිරිමි) පුහුණුවආරම්භ කිරීම
notekoob news
Foogue Proudly Presenting SRI LANKAN FREESTYLE SHOW on Youtube
notekoob news
Sri Lanka Football Federation Distributing Rs 300,000 for Champions League Clubs Rs 150,000 for Division 1 Clubs and more
notekoob news
Former Sri Lanka skipper Sanath Jayasuriya donated safety equipments
notekoob news
PSJASL donates personal protective Equipment’s (PPE) to the frontline Media Personals Colombo Districts News Correspondents and Photographers